Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව අවධානයෙන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරින්‍ගේ කටයුතු සමීපව අධ්‍යනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රට තුළ පවතින මැතිවරණ නීතිය ප්‍රකාරව සෑම රාජ්‍ය නිලධාරියෙකුම කටයුතු කළ යුතු බවයි.

එහිදී   සැමට අපක්ෂපාතී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී  සිටින බවද, හෙතෙම සඳහන් කළේය. නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඇතැම් රාජ්‍ය නිලධාරින් එම නීතියට අනුගත නොවෙමින් ඇතැම් අපේක්ෂකයින් ප්‍රවර්ධනයට සහය ලබාදීමෙන් ජනතාවගේ මානව  හිමිකම් උල්ලංඝනය වන බවයි.

රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරණ කාලය තුළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමකින් තොරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද කොමසාරිස් පුංචිහේවා මහතා සඳහන් කරයි.

Related posts

இன்று நள்ளிரவுடன் நிறைவு

Mohamed Dilsad

පෝර්ට් සිටි පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

Sri Lankans among migrants rescued in Mediterranean sea

Mohamed Dilsad

Leave a Comment