Trending Newsඑසැන පුවත්දේශීය

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

(UTV | කොළඹ) –

විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ දීම අනිවාර්ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඒ අනුව කෘත්‍රිම බුද්ධියත් සමග ලොව නැගී එන තාක්ෂණික විෂය ධාරාවන් වූ නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වැනි නව තාක්ෂණ විෂයන් පිළිගැනීම සඳහා අප සූදානම් විය යුතු වුවත් අපගේ සූදානම තවමත් පවතින්නේ ලොව අන් රටවලට සාපේක්ෂ ව වසර 15 ක පමණ පිටුපසින් බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව තෝරා ගන්නා ලද පාසල් 100 ක කෘතිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ (Al Clubs) ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද එක් විය.

වෙනත් රට වලට සාපේක්ෂ ව කොවිඩ් වසංගත සමයේ පවා සියලු රජයේ සේවකයන්ගේ වැටුප් අඛණ්ඩ ව ගෙවූ බවත් අතපසු වූ ඉගැන්වීම් ආවරණයට අමතර කාලයක් වැඩ කරන ලෙස ගුරුවරුන්ට බලපෑමක් සිදු නොකළ බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී කීය.

88 – 89 භීෂණ යුගය වැනි අසීරු කාල පරිච්ඡේද පසු කරමින් පැමිණ ඒ අතීත පාඩම් අමතක කර දමා වේගයෙන් ඉදිරියට ඇදී යන නව ලොව තාක්ෂණික ප්‍රවණතා කෙරෙහි ද තැකීමකින් තොර ව ගුරු වෘත්තීය සංගම් ලෙඩ වීම ඉතා ඛේදනීය තත්වයක් බව ද ඒ මහතා පැවසී ය.

අධ්‍යාපනයේ ප්‍රධාන කුළුනු තුන වූ දැනුම, කුසලතා හා ආකල්ප අතරින් දැනුම ලබා ගැනීමේ දැනුම් මූලාශ්‍ර අද ඉතා සුලබ ව පවතින බවත් උපකාරක පන්ති ද එවන් එක් මූලාශ්‍රයක් වී ඇති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා වෘත්තීය සංගම්වලට මේ සම්බන්ධ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ලොව වෙනත් රටවල් නිරීක්ෂණය කිරීමේ අවකාශ විවර කර දීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා අවශ්‍ය ව ඇති බවත් පැවසී ය.

ඉදිරි දශකයක කාලය ඇතුළත මේ වන විට පවත්නා රැකියා වෙළෙඳපොළ මුළුමනින් ම වෙනස් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මග නො හැර එයත් සමග අපට අනාගතය කරා පියවර තබන්නට සිදු වීම අනිවාර්ය බවත් එහි දී හමුව වන බාධක ජය ගනිමින් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් ප්‍රකට කළ යුතු බවත් හෙතෙම තව දුරටත් පැවසී ය.

Related posts

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

Sri Lanka cricket tour to Pakistan remains on hold

Mohamed Dilsad

Threat of floods with heavy rain expected to hit Sri Lanka

Mohamed Dilsad

Leave a Comment