Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි දිනවල වැස්ස වැඩිවේවි – කාලගුණයෙන් අනාවැකියක්

(UTV | කොළඹ) –

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

இலங்கை – பாகிஸ்தான் முதல் போட்டி இன்று

Mohamed Dilsad

Parliament website edited to recognise Rajapaksa as Parliamentarian

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

Editor O

Leave a Comment