Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

(UTV | කොළඹ) –

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි  තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත්  ක්‍රියාමාර්ග  විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගත නොහැකි යැයි කතෝලික සභාවේ  සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි. 14දා කොළඹ අගරදගුරු නිල නිවෙසේ පැවති මාධ්‍ය හමුවකදී පියතුමා ඒ බව සඳහන් කළේය.

එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිත පිරිස් තවමත්  අදාළ ධූරයන් හි රැඳී සිටින බැවින් ස්වාධීන සාධාරණ විමර්ශනයක් සිදුවේදැයි සැකයක් පවතින බවද පියනම සඳහන් කළේය.

එබැවින් මාස තුනක් ඇතුළත ඊට අවශ්‍යය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත  කර ගැනීමෙන් අනතුරුව අදාළ කාර්යාලය සහ විමර්ශන නිලධාරියා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මීට පෙර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ කිසිවක් මෙතෙක්  ක්‍රියාත්මක කර නැති බවද සඳහන් කළ සිරිල් ගාමිණී පියතුමා ඒ අනුව  මෙම ක්‍රියාවද  මැතිවරණය ඉලක්ක කර  ජනතාව රැවටීමට කළ දෙයක්දැයි යන සැකය තමන් තුළ තිබෙන බවද  සඳහන් කළේය

 

Related posts

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

Children killed in Kemerovo shopping centre blaze

Mohamed Dilsad

නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ඉදිරියට යා නොහැකියි

Mohamed Dilsad

Leave a Comment