දේශීය

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘත කෙරේ

බස්නාහිර පළාතේ තෝරාගත් තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්මේන්තුව විසින් දැනුම්දී තිබේ.

 

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාල එසේ පැය 24 පුරා විවෘතව පවතී.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ එම තැපැල් කාර්යාල හරහා පොලීසිය මගින් නිකුත්කරන දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමට හැකි බවය.

Related posts

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

Leave a Comment