දේශීය

ප්‍රවීණ සිනමා නිළි ලීනා ද සිල්වා අභවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලීනා ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 

ලීනා ද සිල්වා දශක හයකට වැඩි කාලයක් එකල ජනප්‍රිය හා විචාරක පැසසුම් ලත් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.

 

ඇය සිංහල සිනමාවේ මුල් යුගයේ චිත්‍රපටවල රංගනයෙන් දායකවූ තවත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියකි.

 

අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), රන්රස (1967) ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි.

 

මෑත කාලයේ ගඟ අද්දර, වාලම්පූරි ඇය රඟපෑ බොහෝ දෙනෙකුට මතක ඇති නිර්මාන අතර වෙයි.

 

ලීනා ද සිල්වා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තම දූදරුවන් සමග ජීවත් විය.

 

මියයන විට ලීනා ද සිල්වා මහත්මිය 87 වැනි වියෙහි පසු වුවාය.

Related posts

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයේ දී ඉල්ලීමක්

Mohamed Dilsad

පොලිස්පති අධිකරණය​ට

Mohamed Dilsad

Leave a Comment