දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

(UTV | කොළඹ ) – සමස්ත දිවයිනටම පසුගිය බදාදා රාත්‍රී 10 ට පණවන ලද ඇඳිරි නීතිය අද අලුයම 4 ට ඉවත් කර තිබේ.

අද සිට දිවයිනේ සියලූ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලූයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතියි.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලූමනින්ම පිළිපදින ලෙසට රජය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

වියළි කාලගුණ තවත් දින කිහිපයක්

Mohamed Dilsad

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

Editor O

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment