දේශීය

O/L ප්‍රතිඵල ගැන තවත් දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

 

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.

 

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව සඳහන්ය.

 

දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබේ.

 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 394,450කි.

Related posts

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට තවත් බලාපොරොත්තුවක්

Mohamed Dilsad

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment