දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට තවත් බලාපොරොත්තුවක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද (25) පැවැත්වේ.

 

බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය බී කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගි වූ තරග දෙකම ජය ගනිමිනි.

 

අයර්ලන්ත පිල මේ දක්වා සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ අද තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

 

බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ පසුවන අතර

අයර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටී.

 

බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

 

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අද මෙලෙස පැවැත්වෙන්නේ වසර 7කට පසුවය.

 

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර එම තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

 

අද තරගය සඳහා ශ්‍රී ලංකා පිලේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇති බව වාර්තා වේ.

 

 

Related posts

මිලියනයකට අධික හෙරොයින් සමග කාන්තාවන් 3ක් අල්ලයි

Mohamed Dilsad

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

Leave a Comment