දේශීය

නින්දයෑම ජීවිතයක් බිලිගනී

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලීසිය අසලදී මාරක රියඅනතුරක් සිදුවී තිබේ.

 

කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇත.

 

තුවාලකරුවන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ ⁣පොලීසිය පවසයි.

 

මොරටුව ප්‍රදෙශයේ ගොඩනැගිල්ලක ඉදිකිරීමක් සඳහා පැමිණ බද්දේගම බලා ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

 

රියදුරුට නින්දයාම නිසා මාර්ගයෙන් ඉවතට පැන ඇති රථය කොංක්‍රීට් කණුවල ගැටීමෙන් පෙරළීගොස් තිබේ.

 

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයකු රථයේ තිබූ කොංක්‍රීට් මැෂිමට යටවී බරපතළ තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts

තවත් කොවිඩ් මරණ 21 ක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

වාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාව

Editor O

Leave a Comment