දේශීය

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි.

 

පැයක පමණ කාලයක් තුළ සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05ක් එල්ලකර රුපියල් 150,000ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර සැකකරුවන් පළාගොස් තිබුණි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දොඩංගොඩ ‘පූස්කොටා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ 18 හැවිරිදි ඔහුගේ ගෝලයා බව ද පොලීසිය කියයි.

 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බව හෙළිවී ඇත.

 

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

 

සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙක, බණ්ඩාරගම නගරයෙන් කොල්ලකෑ යතුරුපැදිය සොයාගෙන ඇත.

 

සැකකාර හිටපු යුද හමුදා සෙබළා සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවත් වැටලීමට එක්වූ පොලිස් නිලධාරීන් පවසයි.

 

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය

Related posts

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

ගම සමග පිළිසඳර උතුරු පළාතේ පළමුවැන්න අද

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 220 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment