දේශීය

ජනවාරියේ විදුලි බිලට සහනයක්

පුරෝකථන වෙනස්වීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ මේ වන විට ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබාදීමට හැකියාව පවතින බවය.

 

“පහුගිය අවුරුදුවල මේ කාලයේ මෙහෙම අපිට වැසි ලැබෙන්නේ නෑ. නමුත් දැන් දිනකට අඛණ්ඩව වැසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපිට වාසියක් වෙලා තියෙනවා. ජල විදුලිය උපරිමයෙන් පාවිච්චි කිරීමට හැකියාව ලැබී තිබෙනවා. අපේ තියෙන ගල් අඟුරු බලාගාර, එහෙම නැත්නම් දැවිතෙල්, ඩීසල් බලාගාර නවත්වා දැමීමට හැකියාව ලැබී තිබීම අපිට වාසියක්. අප්‍රේල් මාසයේ තමා ඊළඟ සංශෝධනය යෝජනා වෙලා තිබුණේ. නමුත් අපි රජය තීන්දුවක් ගත්තා මේ පුරෝකථන වෙනස්වෙලා තියෙන නිසා, වාසියක් අපිට පෙනෙන නිසා ඒ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදෙන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 31 වනදා අපේ ශේෂ පත්‍රය අවසන් වුණාට පස්සේ ජනවාරි මාසයේ මැද කාලය තුළ නැවත වතාවක් ගාස්තු සංශෝධනයක් කරන්න. අපිට දැනට පේනවිදියට ඒ ගාස්තු සංශෝධනය තුළ මේ තියෙන ගාස්තු ක්‍රමය තව අඩුකරන්න පුළුවන් කියලා පේනවා. මම ඉක්මන් වෙන්නේ නෑ. .තියෙන දත්ත හා ඒ තොරතුරු ලබාදිය යුත්තේ විදුලිබල මණ්ඩලය හා ඒ පුද්ගලයන්.”

 

Related posts

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

විදෙස් ගිනිඅවියක්, උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment