දේශීය

ඩීසල් අර්බුදය : බස් රථ ධාවනයට බලපෑම්, දුම්රියට ප්‍රශ්නයක් නැහැ

(UTV | කොළඹ) – පවතින ඉන්ධන හිගය හමුවේ බස් රථ හිමියන් ධාවනයට එක්කරන බස් රථ ගණන අඩුකර ඇති බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පැවති තත්වය හමුවේ ධාවනයට එක්කර තිබූ බස් රථ සියයට පනහෙන් මේ වන විට ධාවනය වන්නේ සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.

එම නිසා පවතින ඩීසල් හිගය සෘජුවම බස්රථ කර්මානත්යට බලපෑමක් ඇතිකරන බවත් එයින් බස් රථ මගීන් පීඩාවන්ට පත්වන බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ නමුත් පවතින ඩීසල් හිගය දුම්රිය ධාවනයට බලපෑමක් ඇති නොවූ බව දුම්රිය නියෝජය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරි දිනවලදීද දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත තොග අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය දෙපාර්තමේන්තුව සතු බවයි ඔහු අවධාරණය කළේ.

Related posts

රන්ජන් රාමනායක‌ගේ නිදහස් කිරීමේ ලිපියට ජනපති ලේකම් අත්සන් තබයි

Mohamed Dilsad

විපක්ෂ නායක කාර්යාලය මහජනතාව සඳහා විවෘතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මැනිං වෙළඳපොළ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment