Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක කාර්යාලය මහජනතාව සඳහා විවෘතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. “මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැඟී සිටිමින් අගතියට, අසහනයට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය යටතේ ක්‍රියාත්මක කරනවා.

අද රටේ ඇත්තේ ජනතා ජීවත් කරන්න බැරි යුගයක්. ගොවියාට වී විකුණ ගන්න බැහැ. ඒ වගේම ජනතාවට දරා ගත හැකි මිලකට පොල්, සහල්, ලුණු ගන්න බැරිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ගන්න බැරි ආණ්ඩුවක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිවුවත් ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වෙලා. රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුණාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි”

Related posts

Avengers Infinity War பார்த்தவர் மாரடைப்பால் மரணம்

Mohamed Dilsad

Australia partners with UN agencies to assist Sri Lanka to prepare for natural disasters

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

Leave a Comment