විදෙස්

සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ශේප කර තිබේ.

 

විදසේ වාර්තා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවකට පක්ෂ ව තවත් සාමාජිකයින් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර, බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි.

 

මාස දෙකක දීර්ඝ යුද්ධයෙන් ගෝලීය තර්ජනයක් පිළිබඳ 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයට විධිමත් ලෙස අනතුරු ඇඟවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් මෙම ඡන්ද විමසීම සිදු කර තිබිණි.

 

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පුද්ගලයන් 17,480කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.

 

හමාස් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200ක් මිය ගිය ගොස් තවත් පුද්ගලයන් 240ක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ඊශ්‍රායලය පවසා

තිබේ.

 

Related posts

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

Mohamed Dilsad

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment