දේශීය

දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්

කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය සේවා තාවකාලිකව නතර කිරීමට සිදුවෙන බව දුම්රිය සේවය පවසයි.

 

ඒ උතුරු දුම්රිය මාර්ග නවීකරණ කටයුතු හේතුවෙනි.

 

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණ කටයුතු 2024.01.07 දින ආරම්භ කිරීම හේතුවෙන් ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලසීමාවක් සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවන බව ජනතාවට දැනුම්දෙයි.

 

ඒ අනුව ජනවාරි 07 සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරයේ සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වෙයි.

Related posts

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්

Mohamed Dilsad

Leave a Comment