දේශීය

සජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ පවසන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත නව සන්ධානයේ නායකත්වය, ලේකම් පත් කිරීමේ බලය, නාමයෝජනා මණ්ඩලය පත් කිරීමේ බලය, විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ඇතුළු සියලූම බලතල ලබා දීමට තීරණය කර තිබේ.

අද(31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට හිමිවූ පාවෙන ඡන්දවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉදිරි මහ මැතිවරණයේදී සිය පාර්ශවයට ලබාගැනීමට හැකිවනු ඇති බවද විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

Mohamed Dilsad

කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි

Editor O

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

Leave a Comment