දේශීය

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපිමල් සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පවත්වා තිබේ.

 

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමට හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක් ව වාර්ෂික ව මෙය සංවිධානය කරනු ලැබේ.

 

ඊයේ (11) පස්වරුවේ පැවති මෙම සැමරුම් උත්සවයේ දී පළමු සහ දෙවන ලෝක සංග්‍රාමවල දී මියගිය සෙබළුන් සිහිපත් කරමින් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ස්ථාපිත කෙරුණු රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම ද සමරනු ලැබිණි.

 

සර්ව ආගමික වතාවත්වලින් අනතුරු ව දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර, අනතුරු ව ජනාධිපතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා තිබේ.

 

රණවිරු ස්මාරකයේ විශේෂ සියවස් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, රණවිරු ස්මාරකයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් එළිදැක්වූ සමරු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

Mohamed Dilsad

පුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුට

Mohamed Dilsad

Leave a Comment