දේශීය

මාරවිල පොලිස් වසමේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

මාරවිල පොලිස් වසමේ උතුරු මුදුකටුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර තිබේ.

 

ඊයේ (11) සවස් කාලයේ දී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බණ්ඩාරවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර 48 හැවිරිදි ඔහු ගේ මව කැපුම් තුවාල සහිත ව මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා කුරුස පල්ලිය පාර, මාරවිල පදිංචි 52 හැවිරිදි අයකු වන අතර, ඔහු ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

 

සිද්ධිය වූ ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ හිස් කොපු දෙකක් සොයාගෙන ඇත.

 

මෙම සිදුවීමට හේතුව මා දැලකින් මාළු මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී සිදු වූ ආරවුලක් බවත් සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Related posts

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

Leave a Comment