දේශීය

කරාතේ දෝ පෙත්සම සලකාබැලීමට හෙට කැඳවයි

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් සලකාබැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා ඒ සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් අදාළ සම්මේලනය විසින් කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී පෙත්සම්කාර සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පැනවූ තහනමෙන් පසුව පත් කළ අතුරු කමිටුව පිළිගැනීම ජාත්‍යන්තර කරාටේ සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන් කළේය.

 

එම නිසා මෙම පෙත්සම කඩිනමින් සලකාබැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

 

ඒ අනුව අදාළ පෙත්සම සලකාබැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

Related posts

කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ

Editor O

ගසක් කඩාවැටී අයෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

Leave a Comment