දේශීය

අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ.

 

එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

 

ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය.

 

එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය.

 

පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

 

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට තිබුණි.

 

මේ අතර විහාරස්ථානයේ වස පානය කරමින් අපවත්වී සිටියේ 32 හැවිරිදි හිමිනමක් බව පොලීසිය පවසයි.

 

එම හිමිනමගේ දේහය හමුවී ඇත්තේ එම හිමිනම විසින් විහාරස්ථානය ආසන්නයේ වගාකළ ඉඩමක ඉදිකර තිබූ පැල්පතක තිබියදී ය.

 

එමෙන්ම වගා ළිඳකට වැටී මියගොස් අත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.

 

ඔහුගේ නිවස ආසන්නයේම මෙම වගා ළිඳ පිහිටා ඇති බව පොලීසිය පවසයි.

 

මෙම හිමිනම සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත් ද නැතිනම් සියදිවි නසාගෙන ඇත්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දේහයන් යොමුකර තිබේ.

 

මෙම මරණවලට අදාළ පොලිස් පරීක්ෂණ ගලෙන්බිදුණුවැව හා කොකාවැව පොලීසිය මගින් සිදුකරයි.

 

 

Related posts

පුද්ගලයෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment