දේශීය

අගෝස්තුවේ සිදුවන වෙනස

මෙරට වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

ඔහු පවසන්නේ ණය මත පදනම් වූ ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවය.

 

“අපිට ණය මතම පදනම් වූ ආර්ථිකයක් ඉදිරියේ දී ගොඩනඟා ගන්න බෑ. ඒ නිසා සියලුදේට ගැළපෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා. මේකේ අපි විශේෂයෙන්ම දකින්න ඕන කාරණය තමා රටේ පහුගිය කාලපරිච්ජේදය තුළ අත්‍යවශ්‍ය සේවා සැපයීම තෙල්, විදුලිය, ගෑස් ඉඳලා අද සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම…. අද වනවිට මිල ඉහළයෑම නතරවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර මිල පහළ ගිහින් තියෙනවා. හැබැයි උද්ධමනය අඩුවීමට සාපේක්ෂව ඒ වේගයෙන් අඩුවෙලා නෑ. හැබැයි මේ වගේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණ රටක සාමාන්‍ය වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගෙන්න තව මාස කිහිපයක කාලයක් ගතවෙයි.”

 

අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බව ද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

නිරෝධායන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 22,000 ක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් යුධ හමුදාපතිවරයා ජනතාවට දුන් උපදෙස

Mohamed Dilsad

Leave a Comment