දේශීය

උත්සව සමය වෙනුවෙන් යුධ හමුදාපතිවරයා ජනතාවට දුන් උපදෙස

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.   

කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී නව වසරක් සැමරීම සඳහා ජනතාව සෑම විටම මාර්ගෝපදේශ හා නිරෝධායන රෙගුලාසි පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, සෑම විටම පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාර්ග අනතුරු පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

 

Related posts

අශෝක අබේසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ලුණු කිලෝව රුපියල් 450-500

Editor O

Leave a Comment