දේශීය

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

වයස අවුරුදු 35 නොඉක්මවූ උපාධිධාරී ගුරුවරු 5,500ක් නුදුරේ දීම ගුරුසේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

 

විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම එම පිරිස බඳවා ගැනීමට නියමිතය.

 

එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරු 7,500කට මේ මස 16 වනදා නව පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි

 

භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 

එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර ඇත.

 

පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසිසේත් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

අද කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment