දේශීය

සුළු පරිමාණ නිෂ්පාදකයින්ට සුබ පණිවුඩයක්

එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද (01) සිට අවසර හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

 

එම අමාත්‍යංශය සඳහන් කළේ උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බවය.

 

ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවේ.

 

මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කිහිපයක රෙදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන වෙන්කර දී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

දිවයිනේ අනෙකුත් සියලු ප්‍රදේශවලද එම ආකාරයෙන්ම උත්සව සමය නිමාවන තෙක් තාවකාලික පදනම මත නිෂ්පාදකයින්ට සෘජුවම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ඇඳිරි නීති කාලයේ අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

Mohamed Dilsad

මද්‍යසාර නිසා රෝගීන්වන අයට, ප්‍රතිකාර සඳහා, වසරකට රු. බිලියන 237ක් රජය වැය කරනවා – ඇඩික් විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්

Editor O

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

Mohamed Dilsad

Leave a Comment