දේශීය

එක්දින ජයත් රාජකීයන් අතට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 46 වන මස්ටැංග්ස් කුසලාන එක්දින තරගය කඩුලු 07කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 48යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 165ක් රැස් කළේය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 166ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

 

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ද ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය පසුගිය 18 වනදා සමත් විය.

Related posts

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

Mohamed Dilsad

විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීමට හිටපු කථානායකවරයාගේ අනුමැතිය

Mohamed Dilsad

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment