දේශීය

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.

 

ඒ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ පෙත්සමට එරෙහිවය.

 

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවය.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව නීතිපතිවරයා විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබියදී මෙම පෙත්සම ගොනු කර තිබෙන බව අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරයි.

Related posts

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

Mohamed Dilsad

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

ඡන්දය නොතිබ්බොත් පාලනය කා අතටද ?

Mohamed Dilsad

Leave a Comment