දේශීය

IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඔහු පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවීමට පියවර ගත් බවය.

 

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ අතර ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Related posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

Editor O

පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment