Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දන පිරවුම්හල් හිමියෝ අර්බුධයක…?

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන බෙදාහැරීම සඳහා ඉන්ධනහල් වලට හඳුන්වා දී තිබෙන ක්‍රමවේදයට කොමිස් මුදල අනුව ඉන්ධන හල් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය.

මේ මාසයේ සිට සේවකයන්ට වැටුප් වැඩි කිරීම ඇතුළු වියදම් දැරීමෙන් පසු ඉන්ධන හලක (අලෙවිය වැඩි) ලැබෙන ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණද ඉන්ධන අලෙවිය අඩු ඉන්ධන හලකට ඊට වඩා අඩු ලාභයක් ද ලැබෙන තත්ත්වයක් පවතින බව ඒ මහතා කීය.

පර්චස් 25 ක පමණ භූමියක් රුපියල් කෝටි 15ක් පමණ වැයකර පවත්වාගෙන යන ඉන්ධන හලකින් ඉතා අඩු ලාභයක් ලැබෙනවා නම් ඉන්ධනහල් පවත්වාගෙන යෑම ගැටලුවක් බවද ඔහු කීය.

මෙය ඉන්ධන බෙදා හැරීම කඩා කප්පල් කිරීමට ගන්නා උත්සාහයක් නොවන බවත් මේ වන විට තෙල් බෙදුම්කරුවන් විසින් ද නව යෝජනා මාලාවක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී ඇති අතර සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් සන්දනායක මහතා තවදුරටත් කීය.

Related posts

Sanath Jayasuriya banned from all cricket for 2-years

Mohamed Dilsad

බිළිඳා දුම්රියේ තැබූ හේතුව මව පාපෝච්චාරණය කරයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

Mohamed Dilsad

Leave a Comment