විදෙස්

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ශ්‍රි ලාංකිකයෙකු අතුරුදන්වී තිබේ.

 

ඊයේ (23) උදෑසන එම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

 

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ.

 

අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව, කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිළධාරීන්ට දැනුම් දී ඇත.

 

මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව සඳහන් ය.

 

මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයාබැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටී.

 

කඩාවැටුනූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයින් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන අතර, 2023 වසරේදී ශ්‍රි ලාංකිකයින් 13,042 කු කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් ඇත.

 

ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට කටාර්හි රැකියා කරති.

Related posts

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුව

Mohamed Dilsad

ප්‍රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment