දේශීය

ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් 8,000කගේ වියදම ආණ්ඩුවට දරාගැනීමට ඇති නොහැකියාව නම් ඊට විසඳුමක් දියහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එකඟ නම් මෙවර පත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනාව අඩකින් හෝ 75%කින් අඩු කිරීමට යෝජනාවක් ගෙනඒමට තමන් සූදානම් බවය.

 

“මේ බය ඡන්දෙට නෙමෙයි. ඡන්ද ප්‍රතිඵලයට. දැන් කියනවා මේ මන්ත්‍රීවරු 8,000ක් වැඩියි. මන්ත්‍රීවරු 8,000කට ඇයි පඩි ගෙවන්නේ.. ඔව් ඒක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන්නේ. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා. අවුරුදු 5ක් ගතවෙලා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න බැරි වුණා නම්..මේ ඡන්ද ක්‍රමයේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාව උපයෝගී කරගෙන තියෙන්නේ ඡන්දෙ කල්දැමීමේ උවමනාවක් ලෙසයි.”

 

“හරි.. තාවකාලිකව උපකල්පනය කරමු ඒක හරි කියලා. 8,000කට පඩි ගෙවන්න ඕනේ නැහැ කියලා. 4,000ට අඩු කරන්න ඕනේ නම්.. මං හිතන්නේ විපක්ෂයේ හැමදෙනාම එකඟ වෙයි… මෙවර පත්වෙන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් අඩු කරමු.”

 

“මොකද කියන්නේ ගයන්ත. එකඟයි නේ. මන්ත්‍රීවරු 8,000යි. සාමාන්‍ය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට 15,000ක් දෙනවා නම් ඒක 7,500යි. ඒකට අපි එකඟයි නේ. ඡන්දෙ තියෙනවා නම් අපි ගේන්නම් යෝජනාව. ඒකත් මදි නම් 75%කින් අඩු කරමු

Related posts

හිමිකරුවෙක් නැති මෝටර් රථයක් මහරගම පමුණුව පාරෙන් හමුවෙයි

Editor O

කුරුණෑගල නගරාධිපති ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

Mohamed Dilsad

Leave a Comment