Trending News

රට සිටින මවගෙන් මුදල් ගන්න දරුවාට වධ දුන් පියෙක්

අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දැරියකට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා විය.

 

විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියව වීඩියෝ කර ඇය වෙත යවන බව වැඩිදුරටත් අනාවරණයවී තිබේ.

 

කොතරම් හැඬුවත් දරුවාගේ ඇඬිල්ල තඹ දොයිතුවකට මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කරයි.

 

ඇය ඒ පිළිබඳව ඇගේ මවට පවසා තිබෙන්නේ මෙම පහරදීම දරාගත නොහැකි තැනය.

 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවාගේ මිත්තණිය,

 

“මේ මාසේ සල්ලි දෙන්න පරක්කු වුණ නිසා තමයි ළමයට ගහලා තියෙන්නේ. ඊයේ හවස තමයි මට වීඩියෝ ටික එවලා තිබ්බේ. දරුවට ගහනකොට මට ලොකු ගින්නක් ඇති වුණා. මට එක පාරටම තමක් වුණේ පොලීසිය. ඉතින් මම පොලීසියට ගියා.”

 

පහරදීමට අදාළව බකමූණ ප්‍රදේශයේ පදිංචි දරුවාගේ පියාව ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අද (10) හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ඔහු මෙම විවාහයට පෙර තවත් විවාහයක් සිදු කරගත් අයෙක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් වාර්තා වෙයි.

Related posts

கொழும்பின் பாதுகாப்பினை பலப்படுத்த மேலதிக பொலிஸார் சேவையில்

Mohamed Dilsad

கம்போடியா கட்டிட விபத்தில் உயிரிழந்தோரின் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

Kofi Annan, former UN chief, passed away

Mohamed Dilsad

Leave a Comment