දේශීය

ජැනට් යෙලන් ලංකාව ගැන කතාකරයි

ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන්නීය.

 

ඇය එසේ පැවසුවේ G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බෙන්ගලුරු හිදී අද (23) ආරම්භ වූ සමුළුවක් අමතමිනි.

 

ඇය තවදුරටත් පැවසුවේ දියුණු වෙමින් පවතින රටවල් සහ නැගී එන රටවල් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් චීනය ඇතුළු නිල ද්වීපාර්ශ්වික ණයහිමියන් ව සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට අමෙරිකාව නොකඩවා කටයුතු කරන බවය.

Related posts

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

හෙට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

ස්ථාන තුනක වෙඩි තැබීම්

Editor O

Leave a Comment