Trending News

පාඨලී ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ලිපියක්

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න සම්බන්ධයෙන් විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කාර්යාලය වෙත අදාළ ලිපිය යොමුකර ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපති ලෙස අදාළ ලිපිය යොමුකර තිබේ.

 

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමටයෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

 

අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවෙන බවත් එයට වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

 

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඇති ඉඩකඩ වැඩි බවද ඔහු සඳහන් කරයි.

Related posts

சட்டவிரோத மதுபான போத்தல்களுடன் வெளிநாட்டவர் கைது

Mohamed Dilsad

இரகசிய வாக்கெடுப்புக்கு தயாராகும் ஐக்கிய தேசிய கட்சி?

Mohamed Dilsad

Mahinda Amaraweera assures Facebook ban will be lifted soon

Mohamed Dilsad

Leave a Comment