දේශීය

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි

(UTV | කොළඹ) – ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් සහ අලුත් කමිටු තුනක් අද පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආංශික අධීක්ෂණ කාරක සභා අනුමත කර ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙසේ අලුතින් පත් කෙරෙන්නේ බැංකු මූල්‍ය කරණය පිළිබඳ කාරක සභාව,, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන කාරකසභා තුනයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ තේරීම් කාරක සභාව අද රැස් වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද කතානායක වරයා කීවේය.

Related posts

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

නාම යෝජනා බාර ගන්නා 15 වෙනිදා රාජගිරිය සරණ මාවතට ඇතුළු විය හැක්කේ අවසර ලත් සීමිත පිරිසකට පමණයි.

Editor O

විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment