දේශීය

භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබේ.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

Related posts

බන්ධනාගාර වල ආරක්ෂාවට විශේෂ ආරක්ෂක බලඇණියක්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment