දේශීය

භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබේ.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

Related posts

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

හිස තෙල් ගෑමේ නැකත අදයි

Mohamed Dilsad

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment