දේශීය

“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”

(UTV | කොළඹ) – රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතකම තනතුරු තාන්නමාන්නවලින් තොරව සහය ලබාදීමට සූදානම් බවය.

මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

“මම මේ අවස්ථාවේ දී ප්‍රකාශයක් කරනවා. ඒ වගේම අභියෝගයකුත් කරනවා. ඉන්නවා නම් මේ රටේ දේශපාලඥයෙකුට, ඉන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස එක්ක හරි හරියට විපක්ෂයේ ඉදගෙන වැඩක් කරන්න. බහුතරයකට බෑ. අතිමහත් බහුතරයක් කරන්නේ ඇන්දවීම. මේ රටට අවශ්‍ය කයිවාරුව නෙමෙයි. මේ රටට අවශ්‍ය සේවයයි. බොහෝදෙනෙක් මගෙන් අහනවා කොහෙන්ද මේවට සල්ලි.

රට බංකොළොත් වෙලත් ඒ ප්‍රශ්නේ අහනවා. මම පෙරළා අහන්නේ, කොහෙන් වුණත් මොකද ? වැඩේ කෙරෙනවා නම්. අද අපේ රටට පොහොර ගේන්න උත්සාහ කරනවා. ලෝක බැංකුව කියනවා සල්ලි දෙන්නම් කියලා. හැබැයි අපේ රටේ ටෙන්ඩර් ක්‍රමවේදයට දෙන්න බෑ කියනවා. ඒ අයට අවිශ්වාසයි අපේ රටට ලබාදෙන ආධාර හරියාකාරව ක්‍රියාත්මක නොවෙයි කියලා. ඇත්ත වශයෙන්ම කතා කළොත් මේ බංකොළොත් වෙච්ච රටේ මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්න වෙලාවේ, අම්මලා දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන මොහොතක ගල්අඟුරුවලින්, ගෑස්වලින් හැම එකෙන්ම ගසා කනවා. මට ජනාධිපතිකම නැති වෙන්න පුළුවන්. මැති ඇමතිකම් නැති වෙන්න පුළුවන්. ඒ ඔක්කෝටම වඩා මට තියෙනවා ආත්ම ගරුත්වය. මම හොරුත් එක්ක වාඩිවෙලා නෑ.”

Related posts

වරාය සේවකයන්ගේ විරෝධතාවක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

Leave a Comment