දේශීය

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන් ම නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

Mohamed Dilsad

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

Leave a Comment