දේශීය

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන් ම නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්” – විමල් වීරවංශ

Editor O

කිලෝ 20ක හෙරොයින් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment