Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ 32 ක ට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 32 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබා දී තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 15 දෙනෙකු ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලැබූ නිලධාරීන් පිරිසට අයත් වනවා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් කේ ජේ ආර් ඩයස් මහතා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය සඳහා පත් කර තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මාරු කර ඇත්තේ මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

එලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ සම්පූර්ණ ලේඛනය පහතින්

Related posts

අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]

Mohamed Dilsad

සියලු ගොවීන්, ඔන්ලයින් ලියාපදිංචිය ඇරඹේ

Editor O

அனைத்து முஸ்லிம்களையும் தீவிரவாதிகளாகப் பார்க்காதீர்கள்

Mohamed Dilsad

Leave a Comment