කලා

මකුළු මිනිසා ඇලෙසින් රොබට් අත්අඩංගුවට

(UTV |  ප්‍රංශය) – ප්‍රංශයේ මකුළු මිනිසා නමින් හැඳින්වෙන ඇලෙසින් රොබට් සිය 60 වැනි උපන් දිනය සැමරීම සඳහා කිසිදු අවසරයකින් හා ආරක්ෂක උපකරණවලින් තොරව පැරීසියේ තට්ටු ගොඩනැගිල්ලක් තරණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තට්ටු 48කින් යුත් මෙම ගොඩනැගිල්ලට ගොඩවීමෙන් පසුව ඔහු පවසා ඇත්තේ අවුරුදු 60 යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් බව ජනතාවට පහදා දීම සඳහා තමන් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු පැරීසියේ ටෝටල් එනර්ජීස් නම් මෙම ගොඩනැගිල්ලට නැග තිබේ. මෙවර තමා එය තරණය කිරීමේ තවත් අරමුණක් වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම පිළිබඳව ලෝකයට පණිවුඩයක් දීමට බවද ඔහු සඳහන් කර තිබේ.

කිසිදු ආරක්ෂක උපකරණයකින් තොරව රටවල් ගණනාවකට උස් ගොඩනැගිලි තරණය කිරීමේ ඉතිහාසයක් රොබට් සතුය.

2019දී ඔහු හොංකොංහි තට්ටු 68කින් යුත් චියුං කොං ගොඩනැගිල්ල තරණය කළේ හොංකොංහි දේශපාලන අර්බුදය විසඳා සාමය ඇති කරන ලෙස ඉල්ලා සිටිමිනි.

එසේම 2011දී ලොව උසම ගොඩනැගිල්ල වූ ඩුබායිහි බර්ජ් කලීෆා තරණය කිරීමටද ඔහු සමත් විය. මීටර් 828කින් යුත් එහි මුදුනට ළඟාවීමට ඔහුට ගත වූ කාලය පැය 6කි.

Related posts

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

මේගන්ගේ අලුත්ම සිනමාපටයේ රඟපාන්න කේට් කැමති වෙයි

Mohamed Dilsad

පියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment