දේශීය

මුජිබර්, කාවින්ද එක්ක නීතිඥ එරන්දත් ජිනීවා යයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (12) ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට සහභාගිවීම සඳහායි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ෆෙඩ්රිකෝ විලේගාස් මහතා හමුව තිබේ.

එහිදී ඔවුන් සහතික වී ඇත්තේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලෙන බවත් වත්මන් අර්බුදවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කවුන්සිලය සමග අත්වැල්බැඳ ගන්නා බවත් ය.

මේ අතර අලි සබ්රි හා විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් නාඩා නෂීෆ් මහත්මිය හමුව තිබේ.

එහිදී ඔවුන් සහතික වී ඇත්තේ, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලීම සඳහා කැපවෙන බවය.

Related posts

මෙරටට ගෙන්වීමට නියමිත කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි

Mohamed Dilsad

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment