දේශීයව්‍යාපාරික

කුකුල් මස් සහ බිත්තර මිල ඉහළට

(UTV | කොළඹ) – විදුලි, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම හමුවේ ඉදිරියේදී කුකුල් මස් මිල යළි ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, පිරිවැය වියදම ඉහළයාම මත බිත්තර සඳහා පාලන මිලද ඉවත් කර ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා හෙට දිනයේ හමුවී සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත් මේ සඳහා රජය මැදිහත් වන්නේ නම් කුකුළු මස් සහ බිත්තර මිල පහළ දැමිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට අදාළ පුද්ගලයින්ට බලපත්‍ර ලබාදෙමින් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

Related posts

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

Mohamed Dilsad

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ, සිංහරාජ මායිමේ හෝටලයක් ඉදිකරයි….?

Editor O

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment