දේශීය

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

ගතවූ පැය 24 තුළදී මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

හෙරොයින් සමඟ සැකකරුවන් 122 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී මත්පැන් සමඟ 94 දෙනෙක් ද , අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැකකරුවන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

 

Related posts

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

ජයන්ත කැටගොඩ ගේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment