දේශීය

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – කන්කනස්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වීමේ හැකියාවක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි.

මේ පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර් දෙකත් – දෙකයි දසම 5 ත් අතර අගයකින් ඉහල යාමේ හැකියාවක් පවතින බවද කාළගුණ නිවේදනයේ සදහන් වේ.

මෙම තත්වය ගොඩබිමට එන උස රළ නොවන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related posts

ජනපති – නිදහස් පක්ෂ හමුව අද

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment