විදෙස්

කොවිඩ් ප්‍රතිකාර හෝටලයක ඇති වූ ගින්නකින් 11 දෙනෙකු මරුට

(UTV |ඉන්දියාව) – COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් රෝගීන් 11 දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(09) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව හෙළිව ඇත.

මේ අතර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි  COVID-19 ප්‍රතිකාර සඳහා නම් කරන ලද රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නකින් බ්‍රහස්පතින්දා පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

Related posts

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

බොරිස් ජොන්සන් දැඩි සත්කාරයෙන් ඉවතට

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

Leave a Comment