ක්‍රීඩා

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය හමුවේ අත්හිටුවා තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය අද (10) යළි ආරම්භ වෙයි.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එය පසුගිය මාර්තු මාසයේදී නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

අගෝස්තු 27 වැනිදා සුපිරි අට වටයේ තරග නිමාවට පත් වන අතර, පළමු ශූරතා තරඟ නිමා වන්නේ අගෝස්තු 24 වැනිදායි.

කොරෝනා වසංගතය හේතුවෙන් සුපිරි අට වටය යටතේ සිව් දින ලෙස පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරඟ තුන්දින ලෙස පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ පනවා ඇති සියලු සෞඛ්‍ය උපදේශවලට යටත්ව තරඟාවලිය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සී.සී.සී, කෝල්ට්ස්, යුද හමුදාව, බී.ආර්.සී, හලාවත මේරියන්ස්, එන්.සී.සී., සැරසන්ස් සහ රාගම ක්‍රීඩා සමාජ සුපිරි අට වටයට එක්ව සිටින අතර මීගමුව, එස්.එස්.සී, මුවර්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය සහ ලන්කන් ක්‍රීඩා සමාජ පළමු ශූරතා වටයේ තරඟ වැදෙනු ලැබෙයි.

Related posts

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

Mohamed Dilsad

බංග්ලාදේශ – කොදෙව් දෙවන 20යි 20 තරඟය අද.

Mohamed Dilsad

Leave a Comment