දේශීයප්‍රමුඛ පුවත 1

අංගොඩ ලොක්කා විස ශරීර ගත වීමෙන් මිය ගිය බව හෙළිවෙයි

(UTV |ඉන්දියාව) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගෝඩා ලොක්කා” ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත්වූ අමානි තන්ජි නැමති ශ්‍රී ලාංකික කාන්තාව තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම නිසා පළිගැනීමට ඔහුට වස ලබා දී ඇති බව හෙළි වෙයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇත්තේ ඔහුගේ ඇඟිල්ල සහ ඇඟිලි නියපොතු විෂ සහිත බවක් පෙන්නුම් කරන බවයි.

මෙම සැකය මත පරීක්‍ෂණ පැවැත්වූ බව ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයට සහ ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍යව සිටි “අංගොඩ ලොක්කා” ජුලි මස මුලදී ඉන්දියාවේදී වස පානය කර ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා පල කිරීම නිසා  ඔහු ඝාතනයට ලක්වූ බවට සැක මතු විය.

අංගොඩ  ලොක්කාට විරුද්ධ කල්ලියක් විසින් ඔහුව ඝාතනය කිරීමට කාන්තාවක් යවා ඇති බව ලංකා බුද්ධි අංශ උපුටා දක්වමින් පුවත්පත්වල ද වාර්තා පල කෙරුණි.

හෘදයාබාධයකින් පෙළුණු ඔහු ජූලි 03 වන දින මිය ගිය බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය මදුරෙයි වෙත ගෙන ගොස් පසුදා ආදාහනය කරන ලැබූ බවත් ඉන්දීය පොලිසිය සඳහන් කළේය.

මෙම නඩුව විභාග කරන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අංගොඩ කොල්ලා  සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛන සැකසීමේ චෝදනාව මත තන්ජි, සිවකාමි සුන්දාරි සහ ධනේශ්වරන් යන තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය ඩොන් නැමැත්තා සැබවින්ම “අංගොඩ ලොක්කා” දැයි හඳුනා ගැනීමට DNA පරීක්ෂණ සිදුකිරීමට ඔහුගේ රුධිර සාම්පල චෙන්නායි වෙත යවා ඇත.

“අංගොඩ ලොක්කා” සහ තංජි නවාතැන් ගෙන සිටි නිවසේ තිබී සොයාගත් ඇඟිලි සලකුණු කිහිපයක් ගැලපීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය කටයුතු කරමින් සිටි.

මෙම සැකකරුවන්ගෙන්  ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සිය භාරයට ගැනීමට ඉන්දීය විමර්ශන ඒජන්සිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම නඩුව ලබන බදාදා (12) විභාගයට ගැනීමට නියමිතය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

Mohamed Dilsad

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

Leave a Comment