දේශීය

ජයන්ත කැටගොඩ ගේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එම පෙත්සම ඉදිරිපත් කළේය.

 

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම්කර තිබේ.

 

පෙත්සම්කරු කියා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහනගර සභා ආඥා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

 

එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද පෙත්සමේ සඳහන් වෙයි.

 

එම පනත් කෙටුම්පත තුළින් විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂයභාර අමාත්‍යවරයාට බලය පවරා දී ඇති බවත් එසේ ආපසු කැඳවනු ලබන පළාත් පාලන ආයතනවල නිල කාලය නිර්ණය කිරීමේ බලයද විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බවය.

 

පළාත් පාලන ආයතන සඳහා වසර හතරකට වරක් මැතිවරණ පැවැත්විය යුතු බවට නීතිය සඳහන් වුවද මේ ආකාරයෙන් එම ආයතන වල නිල කාලය දීර්ඝ කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට පැවරීම තුළින් මහජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු චෝදනා කර සිටියේය.

Related posts

හදිසි මැතිවරණයක් පැවැත්වීම සියලු කැපකිරීම් අපතේ යැවීමක් [VIDEO]

Mohamed Dilsad

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment