දේශීය

සද්ධාරතන හිමිට ඇප

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.

 

නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම අද (12) දිනයේ සලකා බැලු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇති බව සඳහන්ය.

 

පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා මුදල් වංචා කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අලුත් වාහන අපට ඕන – මලිමා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Editor O

Leave a Comment