දේශීය

සද්ධාරතන හිමිට ඇප

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.

 

නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම අද (12) දිනයේ සලකා බැලු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇති බව සඳහන්ය.

 

පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි

Editor O

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

Editor O

දෙහිවල, ඕබන් පෙදෙස වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment