දේශීය

සමැන්තා සහ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ, මේ වනවිට සමැන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල හමුව පැවැත්වෙන බවය.

මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීය.

සමැන්තා පවර් මහත්මිය ඊයේ (10) උදෑසන දිවයිනට පැමිණි අතර පසුව ඇය, ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී ගොවීන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලුවේය.

අනතුරුව නිව්ස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ මෙරට ගොවීන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් සිදු කරන බවය.

Related posts

අධිවේගි මාර්ගයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

කොරෝනා නිසා ඇඟලුම් ශාලාවක් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment