දේශීය

සමැන්තා සහ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ, මේ වනවිට සමැන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල හමුව පැවැත්වෙන බවය.

මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීය.

සමැන්තා පවර් මහත්මිය ඊයේ (10) උදෑසන දිවයිනට පැමිණි අතර පසුව ඇය, ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී ගොවීන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලුවේය.

අනතුරුව නිව්ස්ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ මෙරට ගොවීන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් සිදු කරන බවය.

Related posts

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද රැස්වේ

Mohamed Dilsad

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

රට පුරා විදුලිය බිඳවැටීම් 29,000ත්

Editor O

Leave a Comment